මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය

මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය

ඩොලර් මිලියන 895ක් පමණ වටිනාකමකින් යුත් කෲස් මිසයිල 220ක් පමණ ඕස්ට්‍රේලියාවට විකිණීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

යෝජිත විකිණීමට Tomahawk මිසයිල සහ තාක්ෂණික සහාය ඇතුළත් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Aukus ආරක්ෂක ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයෙන් ලබා ගන්නා සබ්මැරීන් සඳහා මෙම මිසයිල භාවිතා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් පැවසුවේ මෙම මිසයිල “සැබවින්ම වැදගත් හැකියාවක්” සපයනු ඇති බවයි.

මෙම ගණුදෙනුව මගින් ඕස්ට්‍රේලියාව ආරක්‍ෂිතව තබා ගැනීමට හැකි වනු ඇති බවයි විශ්වාසය පළ කරනු ලබන්නේ .

Share This