
අඛණ්ඩ විදුලිය සැපයුමට තවත් ගල් අඟුරු නෞකා 3 ක් දිවයිනට
තවත් ගල් අඟුරු නෞකා 3 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව පුත්තලමට පැමිණි 17,18 සහ 19 වැනි මෙම ගල් අඟුරු නෞකාවල ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහිදී එක් යාත්‍රාවකින් මෙට්‍රික්ටොන් 60,000 බැගින් ගල් අඟුරු ගොඩබෑමට නියමිතයි.
මෙම ගල් අඟුරු තොග දිවයිනේ අඛණ්ඩ විදුලිය සැපයුම සඳහා බලාගාර වෙත යොමු කිරීමට පියවර ගන්න බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළා.