චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කෙරේ

චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කෙරේ

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය අද (26) පෙරවරුවේ චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එක්සත් රාජධානියේ සමාගමකට අයත් චන්ද්‍රිකා මෙලෙස චෙන්නායි අසල ශ්‍රීහරිකෝටා (Sriharikota) අභ්‍යවකාශ තොටුපළෙන් කක්ෂ ගත කළ බවයි

එම සමගම විසින් මෙම වසරේ දියත් කරන ලද දෙවන රොකට්ටුව මෙය බව සඳහන්

එමෙන්ම මෙම වසරේ දී චන්ද්‍රිකා 616ක් ඉන්දියා අභ්‍යවකාශ ඒජන්සිය මගින් කක්ෂ ගත කිරීමට සැලසුම් කර ඇති බවද එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Share This