නවසීලන්ත කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක්

නවසීලන්ත කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කළා.

නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස්කර තිබෙනවා.

චරිත් අකලංක ලකුණු 67ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් ද රැස්කළ අතර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Share This