ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් මාවතකට අවතීර්ණ වෙලා – ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් මාවතකට අවතීර්ණ වෙලා – ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

කෙසේවෙතත් 2024 වසරේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මෙම වසරේ දී මෙරට ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත්තේ.

2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමකට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත් වීම ආරම්භ කරනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත්තේ.

2019 වසරේ දී කප්පාදු කරනු ලැබූ බදු යළි ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

නිවැරදි නොවන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ දී නිසි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත්තේ.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්භාවයට පත්කිරීම දීර්ඝකාලීන පියවරක් වනු ඇති අතර එම ක්‍රියාවලියේ දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ Utsav Kumar මහතා පෙන්වාදී තිබෙනවා.

Share This