මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර තීරණය කර තිබුණා.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This