අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය

අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම තරගාවලියේ දී වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත සහ ලහිරු කුමාර විවේක ගන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

අයර්ලන්තය සමග පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්….

 

Share This