IMF  පිළිබඳව පාකිස්ථාන අගමැතිගේ මතය

IMF පිළිබඳව පාකිස්ථාන අගමැතිගේ මතය

ණය සහන පැකේජය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හේතුවක් නොමැති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පවසනවා.

ඔහු පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සියලු ඇප කොන්දේසි සපුරා ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩවුණු ගිවිසුමක් ලැබුණු බවට ද උත්සව අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානයේ මුතුන් මිත්තන් සහ පරම්පරාවන් මාතෘභූමිය වෙනුවෙන් කැපකිරීම් රැසක් කර ඇති බව ද පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This