යුද වාතාවරණය මැද යුක්‍රේන නළුවන්ට විශේෂ අවසරයක්

යුද වාතාවරණය මැද යුක්‍රේන නළුවන්ට විශේෂ අවසරයක්

යුක්‍රේනයේ නළු නිළියන්ට එංගලන්තයේ York හි පැවැත්වෙන උත්සවයකදී රංගනය සඳහා විශේෂ අවසරයක් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම උත්සවය අප්‍රේල් 21 ආරම්භ වීමට නියමිත අතර York හි පැවැත්වෙන ජාත්‍යන්තර ෂේක්ස්පියර් උළෙලේ කොටසක් බවයි සඳහන් වන්නේ .

රුසියාව සමග ඇතිව තිබෙන යුද්ධය හේතුවෙන් වයස අවුරුදු 18 සිට 60 දක්වා වූ යුක්‍රේන පිරිමින්ට රට හැර යාමට අවසර ලබා දී තිබුණේ නැහැ

ඒ අනුව රංගන කණ්ඩායමේ පිරිමි සාමාජිකයින්ට ගමන් කිරීමට අවසර දෙන ලෙස මෙම උත්සවයේ අධ්‍යක්ෂවරයා යුක්‍රේනයේ පිහිටි සංස්කෘතික අමාත්‍යාංශයෙන් ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සංචාරය වැදගත් සංස්කෘතික සංචාරයක් බව යුක්‍රේන බලධාරීන්ට ඒත්තු ගැන්වීමට තමා සමත් වූ බවද මෙම උත්සවයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share This