ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.

ඒ, අයර්ලන්තය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී Paul Stirling ගේ කඩුල්ල බිඳහෙලීමත් සමඟයි.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණක් බව සඳහන්.

එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය කඩුලු 50 දවාගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් ජයසූරිය සමත්වීම විශේෂත්වයක්.

ඔහු මෙලෙස සම කර ඇත්තේ වසර 71 කට වැඩි කාලයක් පැවති වාර්තාවක් වන අතර මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක දඟපන්දු යවන ක්‍රීඩක Alf Valentine පිහිටුවා තිබූ වාර්තාවයි ඔහු මෙලෙස බිඳ හෙළා ඇත්තේ.

ඔහු ටෙස්ට් තරඟ 06 කදී කඩුළු 50 දවාගත් ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක චාල්ස් තෝමස් ටර්නර් වේගවත්ම ටෙස්ට් කඩුලු 50 දවාගත් ක්‍රීඩකයා වනවා.

31 හැවිරිදි වියේ පසුවන ප්‍රභාත් ජයසූරිය ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය ටෙස්ට් දිවිය ආරම්භ කළා.

Share This