2022 වසරේ දී මෙරට සේවා අංශයේ පහළ යාමක්

2022 වසරේ දී මෙරට සේවා අංශයේ පහළ යාමක්

මෙරට සේවා අංශයේ පහත වැටීමක් 2022 වර්ෂයේ දී සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2022 වර්ෂයට අදාළව නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් මේ බව දක්වා ඇති අතර ඒ අනුව 2.0% කින් සේවා අංශයේ පහත වැටීමක් පෙන්නුම් කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.

බලශක්ති අර්බුදය, භාණ්ඩ හිඟය සහ ඉහළ උද්ධමනය හේතුවෙන් සේවා අංශයේ පහත වැටීම පෙන්නුම් කර ඇති බව සඳහන්.

2021 වර්ෂයේ සේවා අංශයේ වර්ධනය 3.5% ක් ලෙස සටහන් වී තිබුණා.

දේපළ වෙළඳාම, රක්ෂණය, මූල්‍ය සේවා, සෞඛ්‍යය සහ වෘත්තීමය සේවාවන්වල දක්නට ලැබෙන බවයි මහ බැංකු වාර්තාවෙන් දක්වා ඇත්තේ.

එමෙන්ම තොරතුරු තාක්ෂණය, ගුවන්විදුලි හා රූපවාහිනි විකාශන සේවා සහ තොග සහ සිල්ලර වෙළඳ කටයුතුවල ද පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේවෙතත් Covid – 19 වසංගතයේ බලපෑම ක්‍රමයෙන් පහව යාමත් සමග සංචාරක කටයුතු ඉහළ යාම හේතුවෙන් නවාතැන් හා ආහාරපාන සැපයීමේ සේවා වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

ප්‍රවාහනය, විදුලි සංදේශ සේවා, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, වෙනත් පෞද්ගලික් සේවා, තැපැල් හා කුරියර් සේවා ද යහපත් වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

Share This