මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු සාකච්ඡාවට චීනයත් එක්වෙයි

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු සාකච්ඡාවට චීනයත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාව සඳහා චීනය සහභාගී වී තිබෙනවා.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇරඹි එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියා වන චීනය ඇතුළු සියලු ණයහිමියන්ට ආරාධනා කර තිබුණා.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වූ බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත Masato Kanda මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාසයේදී ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය සඳහා ණයහිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ද එළිදක්වනු ලැබුවා.

Share This