පාකිස්ථානයේ ප්‍රචණ්ඩත්වය තවත් ඉහළට -ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හමුදාවෙන් අනතුරු ඇඟවීම්

පාකිස්ථානයේ ප්‍රචණ්ඩත්වය තවත් ඉහළට -ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හමුදාවෙන් අනතුරු ඇඟවීම්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විරෝධතා වලදී අවම වශයෙන් මේ වනවිට පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බවත් 1,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට පොලිසිය සඳහන් කරනවා

ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි එරට හමුදාව පවසා තිබෙන්නේ

ඉම්රාන් ඛාන්ව දින අටකට රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇති අතර, ඉන් පසුව ඔහුට ඇප ඉල්ලා සිටිය හැකියි.

මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 145 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එරට පොලිසිය පවසනවා.

මේ අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් අනතුරු අඟවා තිබෙන්නේ ප්‍රචණ්ඩ විරෝධතාවලට ඉඩ නොදෙන බවයි.

පසුව විරෝධතාකරුවන් විසින් ලාහෝරයේ අගමැතිවරයාගේ නිවසට සහ වාහනවලට ගිනි තබා පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Share This