ඉම්රාන් ඛාන් ඝාතන තැතක් පිළිබඳ අනාවරණයක්

ඉම්රාන් ඛාන් ඝාතන තැතක් පිළිබඳ අනාවරණයක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගෙදරදී මරා දැමීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ ඔහුගේ නීතීඥයින් අනාවරණ කළ බව එරට ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් රඳවාගත් අවස්ථාවේ  පැය එකහමාරක් පැවති සාකච්ඡාවකින් පසු ඔහුගේ නීතීඥයෙකු හිටපු අගමැතිවරයා පපුවේ වේදනාවක් ඇති බවට පැමිණිලි කර ඇති බව ද එහි සඳහන්.

හෘදයාබාධයක් ඇති කිරීම සඳහා ඔහුගේ ආහාර වේලෙට ඉන්සියුලින් මිශ්‍ර කර තිබූ බව ඉම්රාන් ප්‍රකාශ කළ බව ඔහුගේ නීතීඥයින් උපුටා දක්වමින් PTI පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නීතීඥයින් හමුවූ අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඔහුව ඝාතනය කිරීමට දරන උත්සාහයක් මෙන්ම තමන්ට නිදා ගැනීමට හෝ පහසුකම් නොදෙන බවට පවසා ඇති බවයි පී ටී අයි පක්ෂය සඳහන් කර ඇත්තේ.

Share This