බිත්තර ආනයනය වැඩි කරන්න මෙරට නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට

බිත්තර ආනයනය වැඩි කරන්න මෙරට නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට

ඉන්දියාවේ කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා එම පිරිස මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.

එම නිලධාරීන් විසින් ඉන්දියාවේ චෙන්නායි හි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමට නියමිතයි.

Share This