නීති විරෝධීව කැබ් රථයකින් ගවයින් ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
බුත්තල – නාමන්ඩිය ප්රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධීව කැබ් රථයකින් මී ගවයින් හත් දෙනෙකු ප්රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුත්තල ප්රදේශයේ සිට මැදගම දක්වා මෙම ගවයන් ප්රවාහනය කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බුත්තල සහ මැදගම ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.