Meta සමාගමට නඩු පවරා ඩොලර් 50,000ක් දිනූ අමෙරිකානු ජාතිකයා

Meta සමාගමට නඩු පවරා ඩොලර් 50,000ක් දිනූ අමෙරිකානු ජාතිකයා

Meta සමාගමට එරෙහිව නඩු පැවරූ පුද්ගලයෙකු අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිකරගෙන තිබෙනවා.

Jason Crawford නැමති එම පුද්ගලයා පසුගිය වසරේ දී අදාළ නඩුව පවරා තිබූ අතර සාධාරණ හේතුවකින් තොරව සිය Facebook ගිණුම අවසන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුම්දීම් සිදු කළ ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එම නඩුව පවරා තිබූ බව සඳහන්.

ඒ අනුව නඩුව විභාගයට ලක් කරමින් ජෝර්ජියාවේ අධිකරණයක් විසින් Meta සමාගමට නියෝග කර ඇත්තේ අදාළ පුද්ගලයාට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ගෙවන ලෙසයි.

කෙසේවෙතත් එම නියෝගයෙන් අනතුරුව නඩුව ගොනු කළ පුද්ගලයාගේ Facebook ගිණුම නැවත සක්‍රීය කිරීමට සමාගම පියවර ගෙන ඇති නමුත් ඔහුට මෙතෙක් අධිකරණය නියෝග කළ මුදල Meta සමාගම විසින් ගෙවා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This