එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා චීන ජනපතිව හමුවෙයි ද  ?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා චීන ජනපතිව හමුවෙයි ද ?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, බීජිං වෙත පැමිණ සිටින බවත් රටවල් දෙක අතර පවතින සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා එය ඉවහල් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වසර පහකට ආසන්න කාලයකට පසු චීනයට පැමිණි පළමු සංචාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඇන්ටනි බ්ලින්කන් චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී පළමුවරට මුණගැසී සාකච්ඡා කර තිබෙනවා

එමෙන්ම ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් මුණගැසීමට නියමිතද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් සහ දේශීය අමෙරිකානු ව්‍යාපාරික නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This