ටියුනීසියාවේ ධීවරයෙකුට “මාළු වෙනුවට ලැබුණ” සංක්‍රමණිකයින්ගේ සිරුරු

ටියුනීසියාවේ ධීවරයෙකුට “මාළු වෙනුවට ලැබුණ” සංක්‍රමණිකයින්ගේ සිරුරු

යුරෝපයට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩි වන විට මධ්‍යධරණී මුහුදේ සිදුවන මරණ සංඛ්‍යාව ද වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුරෝපීය සංගමයේ නිලධාරීන් මෙය පාලනය කිරීමට උත්සාහ කරන නමුත් ටියුනීසියාවේ වෙරළ තීරයේ ජීවත්වන ධීවරයෙකු වන Oussama Dabbebi පවසන්නේ තමා දැල් ඇදීමට පටන් ගන්නාවිට මාළු වෙනුවට මළ සිරුරු ලැබෙන බවයි

“දැල්වලින් මාළු ගන්නවා වෙනුවට මට සමහර වෙලාවට මළ සිරුරු ලැබෙනවා. මුල්ම වතාවට බියක් දැනුණා . පස්සේ මම පුරුදු වුණා”. යනුවෙන් Oussama Dabbebi සඳහන් කරනවා

30 හැවිරිදි මෙම ධීවරයාට දින තුනක කාලයක් තුළ දී ඔහුගේ දැල්වල තිබී 15 දෙනෙකුගේ සිරුරු මෑතකදී හමුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

වයස අවුරුදු 10 සිට ටියුනීසියාවේ දෙවන නගරය වන Sfax අසල ඔහු මසුන් ඇල්ලීම සිදු කරන අතර බොහෝ ධීවරයින් තම බෝට්ටු විශාල මුදලකට මිනිස් ජාවාරම්කරුවන්ට විකුණා ඇති බව Oussama Dabbebi සඳහන් කරනවා.

වැඩිදුරටත් ඔහු පවසන්නේ “බොහෝ අවස්ථාවලදී මගේ බෝට්ටුව මිලදී ගැනීමට ජාවාරම්කරුවන් මට ඇදහිය නොහැකි තරම් මුදල් දෙනවා . ඒත් මම ඒක සැමවිටම ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් මගේ බෝට්ටුව භාවිතා කර සිදුකරන මිනිස් ජාවාරම්වලදී යමෙකු දියේ ගිලී මිය ගියහොත්, මම මට කිසිදා සමාව දෙන්න බැරි නිසා “.යනුවෙනුයි

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ පුද්ගලයන් 24,000ක් පමණ ටියුනීසියානු වෙරළ තීරයෙන් තාවකාලික බෝට්ටුවලින් පිටත්ව ඉතාලියට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා

එමෙන්ම මෙම වසර මුලදී සති දෙකක කාලයකදී සංක්‍රමණිකයින්ගේ මළ සිරුරු 200කට වැඩි ප්‍රමාණයක් ටියුනීසියානු මුහුදෙන් ගොඩ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

 

Share This