සංක්‍රමණික බෝට්ටුව නිරීක්ෂණයට කළ යෝජනාවට ග්‍රීසිය ප්‍රතිචාර නොදැක්වූ බවට චෝදනාවක්

විශාල ජීවිත හානියක් සමග ගිලී ගිය සංක්‍රමණික බෝට්ටුව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානයක් යැවීමට කළ යෝජනාවට ග්‍රීසිය ප්‍රතිචාර නොදැක්වූ බව යුරෝපා සංගම් දේශසීමා බලධාරීන් පවසනවා.

පසුගිය සතියේ මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 82 දෙනෙකු මිය ගොස් ඇති බව දන්නා නමුත් තවත් 500 දෙනෙකු දියේ ගිලී මිය යන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමට වැඩි යමක් නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට ග්‍රීසිය විවේචනවලට මුහුණ දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුරෝපා සංගමයේ දේශසීමා ඒජන්සිය වන ෆ්‍රොන්ටෙක්ස් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානයක් විසින් එය නිරීක්ෂණය කරන ලද අතර ඉන්ධන පිරවීමට අවශ්‍ය වූ නිසා නිරීක්ෂණය නතර කර තිබෙනවා.

ෆ්‍රොන්ටෙක්ස් ඒජන්සිය කියා සිටින්නේ යානය නැවත ධීවර බෝට්ටුව වෙත යැවීමට ඉදිරිපත් වූ නමුත් ග්‍රීක වෙරළාරක්ෂක බලකාය කිසි විටෙකත් පිළිතුරු නොදුන් බවයි.

Share This