වරද පිළිගත් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

වරද පිළිගත් ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පසුගිය වසරේ කොලරාඩෝ හි රාත්‍රී සමාජ ශාලාවකදී පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කළ ප්‍රහාරකයා විසින් මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා

එම ප්‍රහාරයෙන් තවත් 17 දෙනෙක් තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ප්‍රහාරයට ලක්වූ කිහිප දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසුව මෙම තීන්දුව ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මීට පෙර 2021 වසරේ ජුනි මාසයේදී ද කොලරාඩෝ ස්ප්‍රින්ග්ස්හිදී ද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝම්බයක් පුපුරවා තම මවට හානි කරන බවට තර්ජනය කිරීමෙන් පසුව බවද බලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා

Share This