රුසියානු ජනාධිපතිගෙන් වැග්නර් කණ්ඩායම ගැන ප්‍රකාශයක්

රුසියානු ජනාධිපතිගෙන් වැග්නර් කණ්ඩායම ගැන ප්‍රකාශයක්

රුසියානු ජනාධිපති පුටින් විනාඩි පහක පමණ කාලයක් එරට රූපවාහිනී නාලිකාවක් හරහා අදහස් දක්වා ඇති අතර එය රුසියානු ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන ප්‍රකාශයක් ලෙසට ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියානු සමාජය ඔහුගේ නායකත්වය වටා එක්වී ඇති බවත් ඔහුව වැග්නර් කණ්ඩායමට වඩා පිළිගන්නා බවත්ය

එමෙන්ම වැග්නර් භටයින්ට බෙලරුස් වෙත යාමට ඉඩ දෙන බවට වූ පොරොන්දුව ඉටු කරන බව පැවසූ රුසියානු ජනාධිපති වරයා වැග්නර් කණ්ඩායමේ බහුතරය රුසියානු දේශප්‍රේමීන් බවද සඳහන් කර තිබෙනවා

Share This