පුපුරා ගිය සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි කොටස් හමුවූවාද ? (VIDEO)

පුපුරා ගිය සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි කොටස් හමුවූවාද ? (VIDEO)

පසුගිය දා ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි කොටස් හමුවූ බවට විශ්වාස කෙරෙන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසා තිබෙනවා

මේ වනවිට පුපුරා ගිය යානයේ කොටස් සොයාගැනීමෙන් පසු කැනඩාවේ ශාන්ත ජෝන්වෙත රැගෙන විත් ඇති අතර සබ්මැරීනයේ තිබූ ප්‍රධාන කොටස් පහක් සොයාගත් බව නිලධාරීහු සඳහන් කරනවා

මේ අතර එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් අනුමාන දේහ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර කැප්ටන් Neubauer සඳහන් කරන්නේ පරීක්ෂණය සඳහා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහිත විධිමත් විභාගයක් ඇතුළත් විය හැකි බවයි

Share This