සෞදි හි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක්

සෞදි හි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක්

සෞදි අරාබියේ ජෙඩා හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

කොන්සල් කාර්යාලය අසලට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර අනතුරුව ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි හුවමාරුවෙන් ඔවුන් දෙදෙනාම මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකානු කොන්සල් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීමෙන් කිසිදු අමෙරිකානු ජාතිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව සෞදි හි අමෙරිකානු කොන්සල් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

Share This