ඩිල්ෂාන්ට කැඳවීමක්

ඩිල්ෂාන්ට කැඳවීමක්

වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් පසුවුණා.

කෙසේවෙතත් චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග සඳහා ද සහභාගී වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිම්බාබ්වේ වෙත ගොස් සිටින වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This