සම්මානලාභී යුක්‍රේන ලේඛිකාවක් රුසියානු ප්‍රහාරයකින් මරුට

සම්මානලාභී යුක්‍රේන ලේඛිකාවක් රුසියානු ප්‍රහාරයකින් මරුට

නැගෙනහිර Kramatorsk නගරයේ පිහිටි පීසා අවන්හලකට රුසියානු මිසයිලයක් එල්ලවීමෙන් සම්මානලාභී යුක්‍රේන ලේඛිකාවක්වන Victoria Amelina තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

Kramatorsk යුක්‍රේන පාලනය යටතේ පවතින නමුත් යුක්‍රේනයේ රුසියාව අත්පත් කරගෙන සිටින ප්‍රදේශ වලට සමීප බවයි පැවසෙන්නේ .

මිසයිල ප්‍රහාරයට ලක්වන විට 37 හැවිරිදි Amelina, නගරයේ ජනප්‍රිය Ria Lounge අවන්හලේ කොලොම්බියානු මාධ්‍යවේදීන් සහ ලේඛකයින් ගේ නියෝජිත පිරිසක් සමඟ ආහාර ගනිමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

ප්‍රහාරයෙන් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This