Baltimore හි සාදයකදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමේ මිය ගිය අය හඳුනා ගැනේ

Baltimore හි සාදයකදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමේ මිය ගිය අය හඳුනා ගැනේ

අත්ලාන්තික් රාජ්‍යයක් වන මේරිලන්ඩ්හි විශාලතම නගරයවන Baltimore හි සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

18 හැවිරිදි කාන්තාවක් සහ 20 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසනවා

වෙඩි වැදී තුවාල වූ සියළුදෙනා වයස අවුරුදු 13 ත් 32 ත් අතර වන බවයි Baltimore හි පොලිසියේ වැඩබලන කොමසාරිස් Richard Worley පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙන්නේ

මියගිය පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් හඳුනාගෙන ඇත්තේ 18 හැවිරිදි Aaliyah Gonzales සහ 20 හැවිරිදි Kylis Fagbemi ලෙසයි.

Share This