ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තරුණයාගේ පවුලේ අයගෙන් ඉල්ලීමක් (VIDEO )

ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තරුණයාගේ පවුලේ අයගෙන් ඉල්ලීමක් (VIDEO )

අනිසි ලෙස බලය භාවිතා කිරීම වෙනස් විය යුතු බව ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තරුණයාගේ පවුලේ අය පවසා තිබෙනවා

බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔහුගේ මරණය කෝලාහල ඇති කිරීමට පවුලේ අයට අවශ්‍ය නොවූ නමුත් රථවාහන නැවතුම් පොළවල්වල අනිසි ලෙස බලය භාවිතා කිරීම පිළිබඳ නීතිය වෙනස් විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ

දහස් ගණනක් අත්අඩංගුවට ගෙන, වෙළඳසැල් කොල්ලකෑම් සහ ප්‍රංශය පුරා වාහන සිය ගණනක් ගිනි තබමින් ඇතිව ඇති කැරලි කෝලාහලය මිය ගිය Nahel M ගේ මතකයටද හානි වීමක් බව පවුලේ අය පවසා තිබෙනවා

මේ වනවිට ප්‍රංශය පුරා ප්‍රචණ්ඩතාවයන් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This