දින දෙකක මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා පලස්තීනයෙන් ඉවත්වීමට පටන් ගැනේ

දින දෙකක මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා පලස්තීනයෙන් ඉවත්වීමට පටන් ගැනේ

පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමට පටන් ගෙන ඇති බව එරට ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරනවා

දින දෙකක් පුරා පැවති මෙම මෙහෙයුමේදී පලස්තීනුවන් 12දෙනෙකු සහ ඊශ්‍රායල සොල්දාදුවෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ගාසා තීරයේදී පලස්තීන සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලය දෙසට එල්ල කළ රොකට් පහක් විනාශ කළ බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන්නේ.

Share This