පොප් ගායිකාවගේ මරණය නිසා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව අවධානය වැඩිවෙයි

පොප් ගායිකාවගේ මරණය නිසා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව අවධානය වැඩිවෙයි

පොප් ගායිකා Coco Lee ගේ මරණය චීනයේ ජනතාව මහත් කම්පනයට පත් කර ඇති අතර එරට සමාජ මාධ්‍යවල මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සාකච්ඡා ඉස්මතු කිරීමට ද එය හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිය දිවි නසා ගැනීමට තැත් කිරීමෙන් පසු කෝමා තත්ත්වයෙන් පසුවූ Coco Lee අභාවප්‍රාප්ත වූ බව ඇගේ වැඩිමහල් සොහොයුරියන් වන කැරොල් සහ නැන්සි විසින් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණා .

මිය යනවිට 48වන වියේ පසුවූ Lee පසුගිය වසර කිහිපය තුළද මානසික අවපීඩනයෙන් පෙළී ඇති බවයි ඇගේ සොහොයුරියන් විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

1975 ජනවාරි 17 වන දින හොංකොං හි උපත ලද Lee පාසල් ශිෂ්‍යාවක්ව සිටියදී ඇගේ පවුලේ අය සමග එක්සත් ජනපදයට ගොස් තිබෙනවා .

පසුව කැලිෆෝනියාවේ ප්‍රසිද්ධ උසස් පාසලකින් උපාධිය ලැබීමෙන් පසු ඇය නැවත හොංකොං වෙත ගිය අතර පසුව තායිවානයට ගොස් ඇගේ ගායන දිවිය ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ලොව පුරා සිටින ඇගේ රසිකයන් විසින් ඇයට උපහාර කර ඇති අතර බොහෝ දෙනා Coco Lee ගේ මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර තිබුණා

ෂැංහයි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය ජියා මියාඕ පවසන්නේ මෙය වඩාත් මිනිසුන්ට දැනිය හැකි කාරණයක් බවයි

චීනයේ ආර්ථිකය ඉක්මනින් දියුණුවීමත් සමග පුද්ගලයන් මත පීඩනය වැඩිවීම රෝගීන් බහුලවීමට හේතුවක් බවයි “Depression Research Institute” සමාජ මාධ්‍ය ගිණුමේ නිර්මාතෘ Ke Ren පවසා තිබෙන්නේ

මේ අතර චීනයේ 2021 වසර අවසන්වන විට මනෝ වෛද්‍යවරුන් 64,000ක් පමණ සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Share This