ලබන 15 වැනිදා සිට ප්‍රංශයේ ගිනිකෙළිවලට තහනමක්

ලබන 15 වැනිදා සිට ප්‍රංශයේ ගිනිකෙළිවලට තහනමක්

ප්‍රංශයේ සියළුම ගිනිකෙළි විකිණීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම තහනම් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අදාළ තහනම ජූලි 15 වනදා සිට ක්‍රියාත්මක බවයි.

ප්‍රංශයේ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එරට තුළ මහජන සාමයට බරපතල බාධා ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් සංවිධානය කරනු ලබන නිල ගිනිකෙළි සංදර්ශන සඳහා මෙම තහනම අදාළ වන්නේ නැහැ

Share This