දකුණු අප්‍රිකාවේ කොලරා අනතුරු ඇඟවීමක් -මිය ගිය ගණන 50කට ආසන්නයි

දකුණු අප්‍රිකාවේ කොලරා අනතුරු ඇඟවීමක් -මිය ගිය ගණන 50කට ආසන්නයි

දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය බලධාරීන් Gauteng පළාතේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ශීත ඍතුවේ කොලරාව පැතිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 50කට ආසන්න වන බැවින් ඔවුන් පරිභෝජනය කරන දියර පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.

මේ අතර එරට වෘත්තීය සමිති සහ ප්‍රජා කණ්ඩායම් ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමක් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය සති හය තුළ බොහෝ මරණ සිදුවී ඇත්තේ Hammanskraal ප්‍රදේශයේ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බොහෝ ප්‍රදේශවල නළ ජලය අනාරක්ෂිත බැවින් රජයෙන් ලබාදෙන ජලය මත යැපීමට මිනිසුන්ට සිදුව ඇති බවද සඳහන්

ප්‍රධාන වශයෙන් දූෂිත ආහාර සහ ජලය මගින් පැතිරෙන කොලරාව රෝගය උග්‍ර පාචනය සහ වමනය ඇති කරන අතර ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත මිය යා හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This