ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම තරගාවලියක් සඳහා දකුණු කොරියාවට

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම තරගාවලියක් සඳහා දකුණු කොරියාවට

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම ලබන 21 වනදා ලෝක හන්මධාන් ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ලොව ප්‍රධානතම ටයිකොන්ඩෝ තරගාවලියක් වන මේ සඳහා රටවල් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ජාතික පුහුණුකරු සහ තාක්ෂණික කමිටු ප්‍රධානී කොරියානු ජාතික කී සූ ලී සහභාගී වනවා.

 

Share This