කෙන්යාවේ විරෝධතා අතරමැද එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ළමුන් 53ක් රෝහලට

කෙන්යාවේ විරෝධතා අතරමැද එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ළමුන් 53ක් රෝහලට

කෙන්යාවේ නයිරෝබි අගනුවර පවතින විරෝධතා අතරතුර පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ළමුන් පනස් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එම රෝහලේ වෛද්‍ය Aron Shikuku බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ ඔවුන් මේ වන විට සිහිසුන් වූ දරුවන් ගැන ඉක්මනින් සොයා බලා කටයුතු කර ඇති බවයි.

ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් විපක්ෂය විසින් කැඳවා ඇති විරෝධතා රට පුරා පැවති නමුත් ඒවා දැඩි ලෙස උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසනවා

කෙසේ වෙතත්, මානව හිමිකම් ආයතන පවසන්නේ මියගිය සංඛ්‍යාව 12 ක් වන බවත් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවත්ය

විරෝධතාකරුවන් පොලිස් ස්ථානයකට ගිනි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, නගරයෙන් පිටත නයිරෝබි අධිවේගී මාර්ගයේදී පොලිස් වෑන් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් අයෙක් මිය ගිය බවයි වාර්තා වන්නේ .

විරෝධතා තහනම් කර තිබුණද, ජීවන වියදම ඉහළ යෑම සහ බදු වැඩිකිරීම් ඇතුළත් නව මූල්‍ය පනතක් ගැන සමහර කෙන්යානුවන් අතර කෝපය අවුළුවා තිබුණා

ඉන්ධන බදු දෙගුණ කිරීම සහ නව නිවාස සඳහා අරමුදල් සැපයීම සඳහා සියලුම සේවකයන්ගෙන් 1.5% ක බද්දක් පැනවීමද ජනතාව විරෝධතා ඇති කිරීම සඳහා හේතුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This