දිල්ලි නුවර ප්‍රදේශ කිහිපයකට ගංවතුරෙන් තවමත් බලපෑම්

දිල්ලි නුවර ප්‍රදේශ කිහිපයකට ගංවතුරෙන් තවමත් බලපෑම්

යමුනා ගඟේ ජල මට්ටම කෙමෙන් බැස යාමට පටන්ගෙන ඇති නමුත් දිල්ලි නුවර ප්‍රදේශ කිහිපයක් ගංවතුරින් යට වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දිල්ලි අගනුවර ගංවතුරට ලක්වීමත් සමග එරට රජය පාසල්, විද්‍යාල, ආදාහනාගාර මෙන්ම ජල පවිත්‍රාගාරද වසා දැමුණා

අද(14) දිනයේ ජල මට්ටම පහත වැටෙනු ඇති බවද බලධාරීන් විශ්වාසය පළ කරනවා

එමෙන්ම සමහර ප්‍රදේශවල පානීය ජලය නොමැති අතර විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන්

අත්‍යවශ්‍ය නොවන රජයේ කාර්යාල, පාසල් සහ විද්‍යාල ඉරිදා දක්වා වසා තබන ලෙස දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය දැනුම් දී තිබෙනවා

Share This