මෙම වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කිරීමේදී ළමුන් 289ක් මරුට

මෙම වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කිරීමේදී ළමුන් 289ක් මරුට

මෙම වසරේ ගත වූ කාලය තුළ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සහ කිරීමේ ළමුන් 289ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා එජන්සිය පවසනවා.

එය පසුගිය 2022 වසරේ මුල් මාස හය තුළ වාර්තා වූ සංඛ්‍යාවට වඩා දෙගුණයක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ

සංක්‍රමණ සහ අවතැන්වීම් පිළිබඳ යුනිසෙෆ් හි ගෝලීය ප්‍රමුඛයා වන Verena Knaus පැවසුවේ මධ්‍යම මධ්‍යධරණී මුහුදේ බොහෝ නැව් සුන්බුන් සොයා ගැනෙන අතර මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව තව දුරටත් වැඩි විය හැකි බවයි

මෙම වසරේ මුල් මාස හය තුළ ළමුන් 11,600 ක් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ගොස් ඇති බව සඳහන්

Share This