ඉන්දීය අගමැති පිළිගැනීමට ආලෝකමත් වූ බර්ජ් කලීෆා

ඉන්දීය අගමැති පිළිගැනීමට ආලෝකමත් වූ බර්ජ් කලීෆා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අද (15) පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට පෙර ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලින් ආලෝකමත් කර තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම එහි ”ගෞරවනීය අගමැති නරේන්ද්‍ර මෝදි සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් පාඨයක් සමඟින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූපයක් ද ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක්

ප්‍රංශයේ දෙදින නිල සංචාරය අවසන් කරමිනුයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ඇත්තේ

Share This