ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩොලර්වලින් ඔබ්බට යයි

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩොලර්වලින් ඔබ්බට යයි

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇති බවත් ආනයන හා අපනයන ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දියානු සංචිත බැංකුව (RBI) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව තීරණයකට එළඹ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ පසුබිමක් තුළයි.

ඊට අනුව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට සිය ගනුදෙනුවලදී දේශීය මුදල් ඒකකවලින් ගෙවීම් කිරීමට අවසර හිමිවනු ඇති.

ඒ අනුව වෙළඳ ගනුදෙනුවලදී ඩොලර්වලින් ඔබ්බට ගොස් රුපියල් සහ ඩිරාම් යන මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This