ප්‍රබල භූ කම්පනයකින් පසු අමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීම්

ප්‍රබල භූ කම්පනයකින් පසු අමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ ඇල්ස්කා අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම භූ කම්පනය පළමුවෙන් රිච්ටර් මාපකයේ ඒකක 7.4ක් ලෙස සටහන් වි තිබූ අතර පසුව එය රිච්ටර් මාපකයේ ඒකක 7.2 ලෙස සංශෝධනය කළ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූ කම්පන තත්ත්වය ඇලස්කානු අර්ධද්වීපය, කුක් ඉන්ලට් (Cook Inlet) ප්‍රදේශය සහ ඇලූටියන් දූපත්වලට (Aleutian Islands) ද දැනී ඇති බවයි

Share This