දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා තවමත් උතුරු කොරියාවේ – එක්සත් ජනපදයෙන් විමර්ශන ඇරඹේ (VIDEO)

දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා තවමත් උතුරු කොරියාවේ – එක්සත් ජනපදයෙන් විමර්ශන ඇරඹේ (VIDEO)

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King නැමැති අමෙරිකානු සොල්දාදුවෙකු තවමත් උතුරු කොරියාවේ රඳවා ගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Travis King අනවසරයෙන් දකුණු කොරියාවේ සිට දේශසීමා තරණය කළ සෙබළෙකු බවත් ඔහු උතුරු කොරියාවේ රඳවා සිටින බවත් අමෙරිකානු හමුදාව විසින්ද තහවුරු කර තිබෙනවා

එක්සත් ජනපදය තම පුරවැසියන්ට මෙම ප්‍රදේශවලට නොයන ලෙස දැනුම් දී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා

23 හැවිරිදි මෙම සොල්දාදුවා යුද මුක්ත කළාප (DMZ) දේශසීමා සංචාරයකට එක්වීමෙන් පසු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඒ වන විට Travis King විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටි අයෙක් බවත් නැවත එක්සත් ජනපදයට රැගෙන යමින් සිටි බවත් ඔහු ගුවන් යානයකට ගොඩවීම වෙනුවට ඉන්චියොන් ගුවන් තොටුපළේ දී පිටව ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්පසු ඔහු පර්යන්තයෙන් පිටතට පැමිණ කිලෝමීටර් 54ක් පමණ දුරින් පිහිටි දේශසීමාව වෙත ගමන් කර ඇති බවයි පැවසෙන්නේ

ජ්‍යෙෂ්ඨ අමෙරිකානු අණදෙන නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම සොල්දාදුවා සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදාව විසින් විමර්ශනය කරන බවයි.

Share This