රුසියාව යුක්‍රේනයේ වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි – නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු 12 කට තුවාල(VIDEO)

රුසියාව යුක්‍රේනයේ වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි – නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු 12 කට තුවාල(VIDEO)

ධාන්‍ය අපනයනය කරන ගනුදෙනුවෙන් නිල වශයෙන් ඉවත් වී පැය කිහිපයක් ඇතුළත රුසියාව යුක්‍රේනයේ වරාය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අපනයන ගනුදෙනුවට ඇතුළත් වූ වරායන් තුනෙන් දෙකක් වන Odesaහි ධාන්‍ය පර්යන්තය සහ වරායේ යටිතල පහසුකම්වලටත් , Chornomorsk හි කළු මුහුදේ වෙරළ තීරය ඉලක්ක කර ගනිමිනුත් මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා

ප්‍රහාරවලදී නව හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මහල් නිවාසවලටද හානි සිදුවී ඇති බවයි හමුදා නිලධාරීහු පවසන්නේ

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ එල්ල කළ සෑම මිසයිල ප්‍රහාරයක්ම යුක්‍රේනයට පමණක් නොව, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කරන ලෝකයේ සෑම කෙනෙකුටම එය පහරක් බවයි

ප්‍රංශය සහ ජර්මනිය ද ප්‍රහාරය හෙළා දැක ඇති අතර ජර්මනියේ විදේශ අමාත්‍ය ඇනලේනා බෙයර්බොක් පැවසුවේ ලෝකයේ දුප්පත්ම ජනතාවට පුටින් පහර දෙන බවයි.

Share This