පළමු තරගයේ ශ්‍රී ලංකාවට පරාජයක්

පළමු තරගයේ ශ්‍රී ලංකාවට පරාජයක්

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය පාකිස්ථාන කණ්ඩායම හිමි කරගෙන තිබෙනවා.

ඒ කඩුලු 04කින්.

තරගාවලිය ගාල්ලේ පැවැත්වෙන අතර අද(20) පැවැත්වුණේ පළමු තරගයේ 05 වන සහ අවසන් දිනයයි.

ඊයේ හතරවන දිනට තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම පසු වූයේ ජයග්‍රහණය සඳහා ලකුණු 83 ක් පිටුපසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 279 ක් රැස් කළා.

පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 461 ක් ලබාගත් අතර ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමි වූයේ 131 ක ඉලක්කයක්.

ඊයේ දිනය නිමාවන විට පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා.

ඒ අනුවයි ඔවුන්ට ජයග්‍රහණය සඳහා අද දිනයේ ලකුණු 83ක් රැස් කරගැනීමට අවශ්‍ය වී තිබුණේ.

Share This