ජොහැන්නස්බර්ග් පිපිරීමෙන් අයෙක් මරුට -48කට තුවාල

ජොහැන්නස්බර්ග් පිපිරීමෙන් අයෙක් මරුට -48කට තුවාල

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ සිදුවූ පිපිරීමෙන් මේ වනවිට එක් අයෙකු මිය ගොස් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු තහවුරු කර තිබෙනවා

එමෙන්ම Gauteng පළාතේ ප්‍රධානී Panyaza Lesufi පැවසුවේ තුවාල ලැබූවන් 12 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි

හදිසි සේවා තවමත් එම ස්ථානයේ රැඳී සිටිමින් පුද්ගලයින් ඉවත් කිරීම් කටයුතු සිදුකරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාවේ වාණිජ මධ්‍යස්ථානයේ කාර්යබහුලම ප්‍රදේශයක් වන මාර්ග කිහිපයක් ගමනාගමනය සඳහා වසා ඇත.

Gauteng බලධාරීන් පවසා ඇත්තේ දැවැන්ත පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් අපැහැදිලි නමුත් එය භූගත ගෑස් නල කිහිපයක් පුපුරා යාමක් නිසා සිදු වන්නට ඇති බවට සැක කරන බවත් සඳහන් කරනවා

Share This