අමෙරිකානු කතක් ප්‍රසිද්ධියේ කෑ ගැසූ වරදට ඩුබායි හි රඳවා ගනියි

අමෙරිකානු කතක් ප්‍රසිද්ධියේ කෑ ගැසූ වරදට ඩුබායි හි රඳවා ගනියි

අමෙරිකාවේ Texas’හි කාන්තාවක් “ප්‍රසිද්ධියේ කෑගැසීම” යන චෝදනාව මත ඩුබායි හි රදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Tierra Young Allen ගේ පවුලේ අය පවසන්නේ ඇය මාස දෙකක් එහි රඳවාගෙන සිටින බවත් ඔවුන් ඇයගේ අනාගතය ගැන බියෙන් පසුවන බවත්ය.

Dubai රජය විසින් Allenගේ ගමන් බලපත්‍රය රාජසන්තක කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුද වන Allen හූස්ටන් හි ට්‍රක් රථ රියදුරෙකු ලෙස සේවය කරන අතර විමර්ශනයේ ප්‍රතිඵල ලැබෙන තුරු විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇගේ මව වන Tina Baxter පවසන පරිදි, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මැයි මාසයේදී ඇගේ දියණිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තම මිතුරිය සමඟ නිවාඩුවක් ගත කරමින් සිටින විටයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රසිද්ධියේ හැසිරීම පිළිබඳ නීති එක්සත් ජනපදයේ නීතිවලට වඩා බෙහෙවින් වෙනස් වනවා.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටකට පැමිණීම ගැන සලකා බලන අමෙරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඇති මහජන විනීතභාවය සහ සදාචාර නීති එක්සත් ජනපදයට වඩා වෙනස් හා දැඩි යනුවෙනුයි.

Share This