යුක්‍රේනය රුසියානු හමුදාවන්ට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කරන බවට ධවල මන්දිරයෙන් තහවුරු කිරීමක්

යුක්‍රේනය රුසියානු හමුදාවන්ට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කරන බවට ධවල මන්දිරයෙන් තහවුරු කිරීමක්

යුක්‍රේනය රුසියානු හමුදාවන්ට එරෙහිව එක්සත් ජනපද පොකුරු බෝම්බ භාවිතා කරන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා

ජාතික ආරක්ෂක ප්‍රකාශක John Kirby සඳහන් කළේ රුසියානු ආරක්ෂක ස්ථාන සහ මෙහෙයුම් සඳහා ඒවා ඵලදායී ලෙස භාවිතා කරන බවයි

පොකුරු බෝම්බ නිසා සිවිල් වැසියන්ට ඇතිවන තර්ජනය හේතුවෙන් ප්‍රාන්ත 100කට වඩා එය තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ අතර යුක්‍රේනයට පතොරම් සැපයුම් වැඩි කිරීමට අවශ්‍ය වී ඇති බැවින් ඒවා සැපයීමට එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා

රුසියානු සතුරු සොල්දාදුවන්ගේ ප්‍රහාර මැඩලීමට පමණක් බෝම්බ භාවිතා කරන බවට යුක්‍රේනය පොරොන්දු වී ඇති බවයි පැවසෙන්නේ

පොකුරු බෝම්බ යුක්‍රේනයට ලබාදීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ඉතා අසීරු එකක් ලෙසයි විදෙස් මාධ්‍ය හැඳින්වූයේ

මිත්‍ර රටවල්වන එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය සහ ස්පාඤ්ඤය පොකුරු බෝම්බ භාවිතයට විරුද්ධ වී තිබෙනවා .

Share This