තායිවානය ආසන්නයේ චීන නාවික යාත්‍රා රැසක්

තායිවානය ආසන්නයේ චීන නාවික යාත්‍රා රැසක්

චීන නාවික යාත්‍රා රැසක් තායිවානය ආසන්නයේ යාත්‍රා කරන බව තායිවානය පවසනවා.

එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ , තායිවානය ආසන්නයෙන් දිනකට නාවික යාත්‍රා දහසයක් සහ චීන හමුදා ගුවන් යානා පහළොවක් පමණ නිරීක්ෂණය වන බවයි.

ඉකුත් සතියේදී ඒ බව නිරීක්ෂණය කළ බවත් 2022 වසරේදී සිදු කෙරුණු අමෙරිකාවේ හිටපු කතානායිකා නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් අනතුරුව වැඩිම චීන නාවික යාත්‍රා සංඛ්‍යාවක් නිරීක්ෂණය කළේ මෙවර බවත් එම අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

තායිවානය පවසන අන්දමට මෙම මාසයේ මේ දක්වා කාලය තුළ තායිවානය වටා චීන හමුදා ගුවන් යානා 239 ක් සහ නාවික නෞකා 94 ක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව චීනය එල්ල කරන හමුදාමය බලපෑම් ඉහළ ගොස් ඇති බවයි තායිවානය චෝදනා කළේ.

Share This