මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන 26 දක්වා ඉහළට – 82 දෙදෙනෙකු අතුරුදන්

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන 26 දක්වා ඉහළට – 82 දෙදෙනෙකු අතුරුදන්

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ නායයාමෙන් මිය ගිය ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 82 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

තෙවන දිනයටත් අඛණ්ඩව ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර එම ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව සඳහන්.

නායයාමෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කඳු බෑවුමක පිහිටි ගෝත්‍රික ගම්මානයේ නිවාස 17 ක් විනාශ වී තිබෙනවා

Share This