යුක්‍රේනයෙන් රුසියාවේ ගම්මානයකට පොකුරු බෝම්බ ප්‍රහාරයක්

යුක්‍රේනයෙන් රුසියාවේ ගම්මානයකට පොකුරු බෝම්බ ප්‍රහාරයක්

යුක්‍රේනය විසින් බටහිර බෙල්ගොරොඩ් (Belgorod) කලාපයේ පිහිටි රුසියානු දේශසීමා ගම්මානය වන ෂුරව්ලෙව්කා (Zhuravlevka) වෙත පොකුරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව බෙල්ගොරොඩ් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ ඊයේ (21) දිනයේ අදාළ ප්‍රහාරය යුක්‍රේනය විසින් එල්ල කළ බවයි

ඒ අනුව යුක්‍රේනය විසින් එම ගම්මානයට ෂෙල් (shells) වෙඩි ප්‍රහාර 21ක් සහ පොකුරු බෝම්බ 03ක් එල්ල කළ බවයි බෙල්ගොරොඩ් ආණ්ඩුකාරවරයා අද (22) පැවසුවේ

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ යුක්‍රේනය පොකුරු බෝම්බ භාවිත කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවයි

Share This