යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදියෙකු මරුට

යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදියෙකු මරුට

යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදියෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයේ ගිණිකොනදිග Zaporizhzhia ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් යුද බිමෙන් ඉවත් කළ බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. .

මෙම සිද්ධියේදී යුක්‍රේනය පොකුරු බෝම්බ භාවිත කළ බවට සාක්ෂි තවමත් ලැබී නැහැ.

යුක්‍රේනයට මේ මාසයේ එක්සත් ජනපදයෙන් පොකුරු බෝම්බ ලැබුණු නමුත් එය සතුරු සොල්දාදුවන්ගේ අත්පත් කරගෙන සිටින ස්ථානවලට පමණක් ඒවා භාවිතා කිරීමට පොරොන්දු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක කොන්ස්ටන්ටින් කොසචිව් පැවසුවේ පොකුරු බෝම්බ භාවිතය “අමානුෂික” බවත් එහි වගකීම යුක්‍රේනයට සහ එක්සත් ජනපදයට පැවරෙන බවත්ය.

Share This