ඉන්දුනීසියාවේ යාත්‍රාවක් ගිලී යාමෙන් 15ක් මරුට -19ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ යාත්‍රාවක් ගිලී යාමෙන් 15ක් මරුට -19ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ Sulawesi දූපතට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් 15 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අතුරුදන් වූ මගීන් සොයමින් සිටින බවයි එරට ජාතික සෝදිසි සහ මුදා ගැනීමේ ඒජන්සිය පවසන්නේ

යානයේ සිටි මගීන් 40 දෙනෙකුගෙන් 19 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති අතර හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යාත්‍රාව ගිලී යාමට හේතුව තවමත් පැහැදිලි නැති බවද සඳහන් වනවා

මෙම යාත්‍රාව ගිනිකොනදිග සුලවේසි පළාතේ අගනුවර වන කෙන්දරිට කිලෝමීටර් 200ක් දකුණින් පිහිටි මුනා දූපත හරහා මිනිසුන් රැගෙන යමින් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This